― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසනත් නිශාන්තට එරෙහි පැමිණිල්ලට දින දෙයි

සනත් නිශාන්තට එරෙහි පැමිණිල්ලට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජුලි මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (27) නියම කළා.

මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටියා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන සී.ඩී. පට පරීක්ෂා කිරීමට අදාළ වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසිය මේ වන විට අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් ජුලි මස 13 වනදා කැඳවන ලෙසත් එම නොතීසිය වගඋත්තරකාර පාර්ශවයට ලැබී තිබේදැයි එදින දැනුම් දෙන ලෙසත් අධිකරණය නියම කළා. ඉකුත් වසරේ අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

එම ප්‍රකාශය තුළින් ඒ ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.