― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසීදුවේ පාළු නිවසකින් පුද්ගලයෙකුගේ මළ සිරුරක්

සීදුවේ පාළු නිවසකින් පුද්ගලයෙකුගේ මළ සිරුරක්

සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරකට ඊයේ (26) රාත්‍රියේ සාම මාවත, රද්දොළුව ලිපිනයේ පිහිටි පාළු නිවසක ගෙළ වැළලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

ඒ ආසන්නයේ කුඩා දැරියකගේ ද මළ සිරුරක් තිබී සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේ. මෙලෙස ගෙළ වැළලාගෙන මියගොස් ඇත්තේ සීදූව, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක කච්චකඩුගේ ටෙරන්ස් මිල්රෝයි ප්‍රනාන්දු නැමති පුද්ගලයෙක්.

මියගොස් සිටි දැරිය වයස අවුරුදු 04ක කච්චකඩුගේ මලීෂා සත්සරණි ප්‍රනාන්දු බවටයි හඳුනාගෙන ඇත්තේ. ගෙල වැළලාගෙන මියගොස් සිටි පුද්ගලයා දැරියගේ පියාගේ සහෝදරයා වන අතර දැරියගේ පියා, මව ඇතුළු සියළුම දෙනා එකම නිවසේ පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබෙනවා. මෙම සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.