― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියාවට එරෙහි කිසිම තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කරගන්න ඉඩ දෙන්නෑ

ඉන්දියාවට එරෙහි කිසිම තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කරගන්න ඉඩ දෙන්නෑ

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයක් සඳහා ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පසුගියදා ප්‍රංශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ප්‍රංශ මාධ්‍ය ආයතනයක් සමග සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

වසර 1500ක පමණ කාලයක සිට චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ සිටි බවත් මෙතෙක් කිසිදු හමුදා කඳවුරක් නොතිබූ බවත් එහිදී පැවසූ ජනාධිපතිවරයා, චීනය සමග කිසිදු හමුදා ගිවිසුමක් නොමැති බවත් ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයක් සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීමට තමා ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් ලෙසට ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා මාධ්‍යවේදියාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර ඇත්තේ චීනය සමග කිසිදු යුද ගිවිසුමක් නොමැති බවයි.

එසේම එවැන්නක් ඇති නොවන බවත් යුද ගිවිසුමක් සඳහා චීනය යෝජනා කරනු ඇති බවට ද තමා විශ්වාස නොකරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.