32.2 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ බෙදාහරින්නන්ට බිලියන 30ක් ණයයි - සෞඛ්‍ය අමාත්‍යංශය

ඖෂධ බෙදාහරින්නන්ට බිලියන 30ක් ණයයි – සෞඛ්‍ය අමාත්‍යංශය

ඖෂධ බෙදාහරින්නන්ට නොගෙවූ ගෙවීම් සඳහා රුපියල් බිලියන 30ක් ණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ හේතුවෙන් එම සමාගම්වලින් අඛණ්ඩව ඖෂධ මිලදී ගැනීමට බලපෑමක් එල්ල වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ මෙම ගැටලු පිළිබඳව සාකච්ඡා කළ බවයි.

ඒ අනුව හිඟ මුදල් ගෙවීමට අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හැරීමට එකඟ වී ඇති බවද ඔහු කියා සිටියේය.

මේ අතර ඖෂධ වර්ග 60 ක මිල පසුගියදා (26) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇති අතර ඒ පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 15 වැනිදා ප්‍රකාශයට පත් කළේය.