කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් ව තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 2.00 ට කැළණිවැලි දුම්රිය යථා පරිදි ධාවනයට පියවර ගත් බවයි එහි ප්රකාශකයෙකු පැවසුවේ. සවස් කාලයේ ධාවනය වන කාර්යාලයීය දුම්රිය ද පෙර පරිදිම ධාවනය කෙරේ.
කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රිය බොරැල්ල කොටා පාර දුම්රිය් ස්ථානයට ආසන්නයේ දී ඊයේ (27) පස්වරුවේ පීලි පැනීමකට ලක් වුණා.