27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් දැන් රියදුරු බලපත්‍ර

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ටත් දැන් රියදුරු බලපත්‍ර

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීම අනුමත කිරීමට ප්‍රවාහන වෛද්‍යායතනවල වෛද්‍යවරු එකඟතාව පළ කර තිබේ.

වෛද්‍යවරුන් විසින් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුමත කරනු නොලැබීම නිසා හය ලක්ෂයක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වී ඇත.

වෛද්‍යවරුන්ගේ මෙම එකඟතාවද සමග එම පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙන නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් මෙම මස අවසානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ අදාළ ඇමැතිවරුන්ට පිරිනැමේ.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේදී ඇති වන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව විසින් මෙම වාර්තාව සකස් කරනු ලබයි.