― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕමාන රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

ඕමාන රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට

ඕමානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඕමානයේ රැකියාවක් ලබා දෙන බව පවසා සැකකරු රුපියල් 3,90,000 ක මුදලක් ලබා ගත් නමුත් පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබුණු බවට වන පැමිණිල්ලක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට ඇත.ඒ අනුව සැකකරුව විදේශ සේවා නියුක්ති කාර්යංශයට කැදවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පුද්ගලයින්ට විදේශ රැකියා ලබා දීම සදහා සැකකරුට වලංගු බලපත්‍රයක් තිබී නොමැති බව විමර්ශන වලදී හෙලිවී ඇත. එමෙන්ම සැකකරු මීට පෙර අවස්ථාවකද ඕමානයේ රැකියා ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන වංචා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින අයෙකු බවටද හෙලිවී ඇත.

විදේශ රැකියාවක් බලාපොරොත්තුවෙන් කිසියම් අයෙකුට මුදල් හෝ ලියකියවිලි බාර දීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විමසීමෙන් මෙවැනි වංචනිකයින්ගෙන් බේරීමට හැකි බවද එම කාර්යංශය සදහන් කරයි.