― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිශේෂ මඩු දේවමෙහෙයට සහභාගි වන බැතිමතුන්ට පහසුකම්

විශේෂ මඩු දේවමෙහෙයට සහභාගි වන බැතිමතුන්ට පහසුකම්

මන්නාරම ඓතිහාසික මඩු දේවස්ථානයේ ජූනි මස විශේෂ දේව මෙහෙය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට මන්නාරම දිසාපතිනිය හා මන්නාරම රදගුරු හිමිපාණෝ තීරණය කර තිබේ.

වසර හතරකට පසුව මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වෙන නිසා එය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමටයි ඊයේ (27) පැවති සාකච්ඡාවේදී තීරණය කොට ඇත්තේ.

මන්නාරම රදගුරු නිවසේ පැවති මෙම සාකච්ඡාවට මන්නාරම දිසාපතිනිය හා ආරක්ෂක අංශ ප්‍රධානීහුද සහභාගී වී ඇති අතර මෙම ජූනි මස දේව මෙහෙයට සහභාගි වන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම සදහාත් බැතිමතුන් වෙණූවෙන් ගත යුතු ක්‍රියාමාර්ගත් සාකච්ඡා කිරීම සඳාහායි මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත්තේ.

කොරෝනා වසංගතය හා රටේ පැවති අයහපත් වාතාවරණය නිසා පසුගිය වසර හතරක කාලයට මෙම ජූනි මස ජූනි මස විශේෂ දේව මෙහෙය සදහා කිසිදු පිටස්තර බැතිමතෙකුට සහභාගී අවසර වීමට අවසර නොලැබුණු අතර මෙවර මීගමුව, වෙන්නප්පුව, කඳාන, ජාඇල හා දකුණේ පළාත් රැසකින් බැතිමතුන් විශාල පිරිසක් ජූනි මස පැවැත්වෙන විශේෂ පූජාවට සහභාගී වීමට නියමිතය.

දින හතක් මුළුල්ලේ පැවැත්වෙන මෙම පූජාවෙන් පසුව ජූලි මස 2 වැනිදා උදෑසන පැවැත්වෙන අවසන් දේව මෙහෙයෙන් පසුව නිමාවට පත්වෙනවා.

මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මහා මංගල්ලය පැවැත්වෙන්නේ අගෝස්තු මස 15 වැනිදායි.