29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීරණය අධිකරණයට දැනුම්දෙයි

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීරණය අධිකරණයට දැනුම්දෙයි

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනුයි මේ බව තහවුරු කරමින් මෝසමක් අධිකරණය හමුවේ කරුණු ගොනු කළේ. අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට යටත්ව වයස අවුරුදු 63 දක්වා රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ට සේවා කාලය දීර්ඝ වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය මෝසම මගින් සඳහන් කර තිබෙනවා.

මෙහිදී පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ මෙම දැනුම් දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි. මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකලොත් ගැටලුවක් මතුවිය හැකි නිසා පෙත්සම යළි කැඳවීමට දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි තවත් ජනාධිපති නීතිඥවරෙකු වන රොමේෂ් ද සිල්වා ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වනදා කැදවන ලෙසත් නියෝග කෙරුණා.