32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋදේනි රාජපක්ෂ ගුවන් හමුදාපති ධුරයට

උදේනි රාජපක්ෂ ගුවන් හමුදාපති ධුරයට

ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ හෙට (30) සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19 වැනි ගුවන් හමුදාපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කර තිබේ.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනය අරඹා පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කර ඇති අතර ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත්ව කීර්තිමත් ශිෂ්‍යයකු ලෙස පාසල් අධ්‍යාපන කටයුතු සිදු කර තිබෙනවා.

1988 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අංක 06 බඳවා ගැනිීමේ කණ්ඩායමට ඇතුළත් වූ එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ 1990 වසරේ ඔක්තෝබර් මස 5 වැනිදා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස එක් වී ඇත.

එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ තම සේවා කාලයේ දී අති දක්ෂ ගුවන් නියමුවකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු PUCARA (පුකාරා) ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙසත්, SESSNA -150 (සෙස්නා -150), Y – 12 (වයි-12), AVRO (ඇවුරෝ ) ෂමාශෙට්ටි – 260TP, බීච් ක්‍රාෆ්ටි B-200′ AN 32 (ඇන්ටනෝව් -32) සහ C -130 (සී-130) වැනි ප්‍රවාහන ගුවන් යානා නියමුවකු ලෙසත් කටයුතු කර තිබෙනවා.