26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ සේවා කාර්යංශයේ ගාස්තු ඉහළට

විදේශ සේවා කාර්යංශයේ ගාස්තු ඉහළට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන සංශෝධිත ගාස්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2023 ජූනි මස 23 වන දිනැති අංක 2337/27 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු සහ නියෝජිතායතන අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කළා. එමෙන්ම රැකියා සඳහා විදේශ ගතවන සෑම ශ්‍රි ලාංකිකයෙකුම කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු, කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1989 ඇමතීම මගින් ලබාගත හැකියි.

2023.06.27 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කර ඇති සංශෝධනය කර ඇති ගාස්තු පහතින්,

විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව පැවති අගය රු.17,928.00 (බදු සමග), නව අගය රු.21,467.00 (බදු සමග)

ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව

පැවති අගය රු.3,774.00 (බදු සමග), නව අගය රු.4,483.00 (බදු සමග)

රැකියා නියෝජිතායතනයක බලපත්‍රය අලුත් කිරිමේ ගාස්තුව

පැවති අගය රු.58,974.00 (බදු සමග), නව අගය රු.117,949.00 (බදු සමග)