28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 4වන දිනයටත් පැරිස් අගනුවර ඇතුළු ප්‍රංශයේ නගර රැසක විරෝධතා ක්‍රියාත්මත බවයි.

විරෝධතා මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් 45,000කට අධික පිරිසක් යොදවා තිබේ.

විරෝධතාකරුවන් 341 දෙනෙකු ඊයේ රාත්‍රීයේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයිද විදෙස් වාර්තාවල සඳහන් ය.

විරෝධතා ඇරඹි දින සිට මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇති විරෝධතාකරුවන් සංඛ්‍යාව 1,100කට අධිකයි.

රටපුරා බස් සහ ට්‍රෑම් රථ සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා ද විරෝධතා හමුවේ නවතා දමා තිබේ.

විරෝධතාකරුවන් එරට තුවක්කු ගබඩාවක්ද කොල්ලකා ඇතැයි සඳහන් ය.

ප්‍රංශයේ මෙම විරෝධතා පාලනයට එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හදිසි සාකච්ඡවක් ද ඊයේ කැඳවූවේ ය.

අණ නොතකා රිය ධාවනය කළ තරුණයෙකු, පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රංශයේ මෙම විරෝධතා ආරම්භ විය.