― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 4වන දිනයටත් පැරිස් අගනුවර ඇතුළු ප්‍රංශයේ නගර රැසක විරෝධතා ක්‍රියාත්මත බවයි.

විරෝධතා මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් 45,000කට අධික පිරිසක් යොදවා තිබේ.

විරෝධතාකරුවන් 341 දෙනෙකු ඊයේ රාත්‍රීයේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයිද විදෙස් වාර්තාවල සඳහන් ය.

විරෝධතා ඇරඹි දින සිට මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇති විරෝධතාකරුවන් සංඛ්‍යාව 1,100කට අධිකයි.

රටපුරා බස් සහ ට්‍රෑම් රථ සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා ද විරෝධතා හමුවේ නවතා දමා තිබේ.

විරෝධතාකරුවන් එරට තුවක්කු ගබඩාවක්ද කොල්ලකා ඇතැයි සඳහන් ය.

ප්‍රංශයේ මෙම විරෝධතා පාලනයට එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හදිසි සාකච්ඡවක් ද ඊයේ කැඳවූවේ ය.

අණ නොතකා රිය ධාවනය කළ තරුණයෙකු, පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රංශයේ මෙම විරෝධතා ආරම්භ විය.