29 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමී කඩන්න ගිය තිදෙනෙකුට වලස් ප්‍ර+හාරයක්

මී කඩන්න ගිය තිදෙනෙකුට වලස් ප්‍ර+හාරයක්

ගෝමරන්කඩවල වනාන්තර ප්‍රදේශයකදී වලස් ප්‍රහාරයකට ලක්වූ තුන් දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ දහවල් මී වද කැඩීමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස වලස් ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

තුවාලකරුවන් ගෝමරන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගෝමරන්කඩවල සහ බක්මීවැව ප්‍රදේශවල පදිංචි අවුරුදු 29, 38 සහ 46 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකුටයි.