31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවිදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට - දෙදෙනකු රෝහලේ

විදුලි සැර වැදී අයෙක් ජීවිතක්ෂයට – දෙදෙනකු රෝහලේ

මිගොඩ පුවක්හේන පාර ප්‍රදේශයේ අළුත්වැඩියා කරමින් තිබූ දෙමහල් නිවසක උඩු මහලේදී තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැනක් මතට පලංචියක් කඩා වැටීමෙන් විදුලි සැර වැදුනු තිදෙනකුගෙන් එක් පුද්ගලයකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි .

මෙලෙස මියගොස් ඇත්තේ දෙනගම කළුවලාකැටිය , පල්ලාවෙල , පදිංචි කටුදම්පේ විදානගේ ෂෙහාන් ප්‍රසන්න කුමාර නමැති (22) හැවිරිදි විවාහකයකු බව පොලීසිය කියයි .

දෙමහල් නිවසක තවත් පුද්ගලයන් තිදෙනකු සමග පෙදරේරුවන්ට අත් වැඩ දෙමින් සිටින අවස්ථාවේ දී උඩුමහලේ එක් බිත්තියක් කපරාදු කොට අනෙක් බිත්තිය කපරාදු කිරීම සඳහා ඒ හරහා තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැන ඉන් ගලවා බිමට දමා එක් අතක ආධාරයෙන් පලංචිය වෙනත් තැනකට ගැනීමට යාමේදී අතෙහි සමබරතාව බිඳී පලංචිය බිමට වැටී තිබේ.

එම අවස්ථාවේදී කඩතොළු වූ වයරයෙන් කාන්දු වූ විදුලි සැර මෙම පුද්ගලයාට වැදීමෙන් විසිවී බිත්තියේ වැදී බිමට වැටී අනතුරට ලක්ව ඇති අතර ඔහුට සහය වීමට ගිය තවත් දෙදෙනකුට ද විදුලිසැර වැදී තිබේ.