31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅච්චුවේලි සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

අච්චුවේලි සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

තරුණියකගේ ඡායාරූප මුහුණුපොත ඔස්සේ මුදාහැරීමක් මූලික කරගනිමින් ඇති වූ ගැටුමකට සම්බන්ධ තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කිසියම් පිරිසක් පසුගිය මස 28 වැනිදා අච්චුවේලි ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී නිවැසියන්ට සහ දේපළවලට හානි කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකුට ද අදාළ සැකකරුවන් පොල්ලකින් පහර දී තිබූ බව සඳහන්.

පසුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 06ක් සහ සැකකාරියන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාරියන් ඇප මත මුදා හැර ඇති අතර සැකකරුවන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගෙන තිබුණේ.

තවදුරටත් සිදු කළ විමර්ශනවලදී, අදාළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 20, 25 සහ 28 යන වයස්වල පසුවන්නන්. සැකකරුවන් අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.