30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිවාහක කතකට හදි කළ ඥාති පුතා සොයා විමර්ශන

විවාහක කතකට හදි කළ ඥාති පුතා සොයා විමර්ශන

22 හැවිරිදි විවාහක කතකගේ නිවසට පැන ඇයට අතවර කිරීමේ සිද්ධියක් එප්පාවල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොලීසිය පවසන්නේ සමෘද්ධි වැඩසටහනකට සහභාගී වී නිවසට පැමිණි මෙම විවාහක කාන්තාවගේ සැමියාගේ ඥාති පුතෙකු විසින් මෙම අපයෝජනය කර ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අතවරයට ලක් වූ කාන්තාවගේ සැමියාගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයා විසින් මෙය සිදුකර ඇති අතර ඒ බව මෙම වැඩිමහල් සහෝදරිය විසි සැමියාට පවසා තිබේ.

තම ආත්ම ගෞරවය සහ සමාජයට මුහුණ දීමට නොහැකි වන නිසා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.

එහෙත් සැකකරු විසින් මෙම සිද්ධිය දිගින් දිගටම ගමේ තැන් තැන් වල ප්‍රචාරය කරමින් හැසිරීම හේතුවෙන් පැමිණිලිකාරිය පසුගිය 01 වැනිදා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.