32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොස්ගොඩ අභිරහස් මරණයක්

කොස්ගොඩ අභිරහස් මරණයක්

අතුරුවැල්ල මෝය කට අසළ තිබී මෘත ශරීරයක් හමු වී තිබේ.

කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන් බවට පසුගියදා කොස්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ අනුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන අරඹා තිබේ.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයාගේ යතුරුපැදිය පසුගිදා ගලගම ඇළ මාර්ගයට යාබඳ වෙල් යායක් ආසන්නයේ තිබී සොයා ගෙන ඇති අතර අතුරුදන් වූ අයගේ ඥාති පිරිසක් ඊයේ (02) අතුරුවැල්ල මෝට කට ආසන්නයේ ඇළ මාර්ගයක ඔරුවකින් ගමන් කරමින් මෝය අසල ඇති මෘත ශරීරයක් දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 69ක් වූ මහඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිදුකරන ලද විමර්ශනයේදී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර බවට එම මෘත දේහය හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.