27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිපෝෂ වෙනුවට බිත්තර දෙන්නැයි ඉල්ලීමක්

ත්‍රිපෝෂ වෙනුවට බිත්තර දෙන්නැයි ඉල්ලීමක්

ත්‍රිපෝෂ නිෂ්පාදනය යථා තත්වයට පත් කරන තෙක් මාස 6ත් අවුරුදු 3ත් අතර වයසේ දරුවන්ට විකල්ප පෝෂ්‍යදායී ආහාරයක් ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ දරුවන් බිත්තර ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වන බැවින් ත්‍රිපෝෂ වෙනුවට බිත්තර ලබා දීමට රජයේ අවධානය යොමු කිරීම වැදගත් බවයි.