― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලීසියට සද්ද දැමූ දේශපාලන සහෝදරයා අත්අඩංගුවට

පොලීසියට සද්ද දැමූ දේශපාලන සහෝදරයා අත්අඩංගුවට

වත්තල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරයෙකු ගේ සහෝදරයකු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වායු පිස්තෝලයක් එල්ල කර තර්ජනය කර කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි.

එම සැකකරු සමඟ බලපත්‍රයක් නොමැති විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයකට සමාන වායු පිස්තෝලයක්ද සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් දෙවෙනි දින වත්තල පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටියදී අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ගමන්ගත් කැබ් රථයක් නැවැත්වීමට සංඥා කර තිබූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කැබ් රථය පසුපස ත්‍රිරෝද රථයෙන් ලුහුබැඳ ගොස සැකකරුට නිවසින් පිටතට පැමිණෙන ලෙස දැනුම්දීමත් සමගම සැකකරු පිස්තෝලයකට සමාන වායු පිස්තෝලයක් එල්ල කර අතේ රඳවාගෙන සිටි පොල්ලකින් කොස්තාපල්වරයා ට පහර දී තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් 60 හැවිරිදි සැකකරු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ට සාපරාධි බලහත්කාරය පෑම, පොලිස් නිලධාරියෙකුට පහර පහරදී තුවාල සිදුකිරීමේ වරදට හා බලපත්‍රයක් නොමැතිව පිස්තෝලය කට සමාන වායු පිස්තෝලයක් ළඟ තබාගැනීමේ වරදට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.