25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයෝධ වැවේ ගිලී මියගිය ධීවරයන්ගේ සිරුරු හමුවෙයි

යෝධ වැවේ ගිලී මියගිය ධීවරයන්ගේ සිරුරු හමුවෙයි

මන්නාරම යෝධ වැවේ මාළු අල්ලන්නට ගිය ඔරුවක් පෙරළීමෙන් අතුරුදහන්ව සිටි ධීවරයන් දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් දෙදෙනකු මාළු දැල් දමා නැවත නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී රාත්‍රියේ පෙරලී ගිය ඔරුව සොයාගත් බව පොලිසිය පැවසීය.

අතුරුදහන් ධීවරයන් සොයා පොලිස් ජීවිතාරක්ෂක බලකාය නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් සිදුකළ අතර, සෝදිසි කිරීම් අතරතුර මියගිය ධීවරයන්ගේ මළ සිරුරු සොයාගෙන තිබිණ.

මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මන්නාරම,සිරිකුලම්,පරප්පුකන්ඩාල් ප්‍රදේශයේ පදිංචි නිමල් පෙරේරා නැමති 55 හැවිරිදි අයෙක් හා තිරුසේ චන්ද්‍රන් නැමති 37 හැවිරිදි අයෙක්

පොලිසිය සැක පළ කරන්නේ අදාළ පුද්ගලයින් දෙදෙනා මසුල් ඇල්ලීමට ගිය අවස්ථාවේ හදිසි අනතුරකින් ඔරුව පෙරළී ධීවරයින් දෙදෙනා දියේ ගිලීමෙන් මිය යන්නට ඇති බවයි