24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුතුරාජාට ප්‍රතිකාර කිරීම ඇරඹේ

මුතුරාජාට ප්‍රතිකාර කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාවෙන් සිය මව් රටට රැගෙන ගිය සක්සුරින් හෙවත් ‘මුතුරාජා’ හස්තියාට ප්‍රතිකාර කිරීම ආරම්භ වී තිබෙනවා.

මෙම හස්තියා විශේෂ ගුවන් යානයකින් ඊයේ තායිලන්තයට රැගෙන යනු ලැබුවා.

ඇත් ගොව්වන් කැටුව ලම්පාන්ග් පළාතේ අලි ඇතුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානය වෙත මුතුරාජා රැගෙන ගොස් ඇති අතර පරීක්ෂණ සඳහා අවශ්‍ය රුධිර සාම්පල කිහිපයක් මේ වනවිට සිදු කර ඇති බවත් ඒවායේ වාර්තා තවත් දවස් කිහිපයකින් ලැබෙනු ඇති බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

එමෙන්ම අලියාගේ පාදයේ ආබාධයට ප්‍රතිකාර කිරීම ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.