22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචමුදිත සමරවික්‍රම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට

චමුදිත සමරවික්‍රම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා තිබෙනවා.

ඒ නියෝජ්‍ය කතා නායකවරයාට අයත් මත්තල ප්‍රදේශයේ ඉඩමක් කුලියට ගත් පුද්ගලයෙක් නීති විරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රූපවාහිනී නාළිකාවක උදෑසන වැඩසටහනකදී එම පුවත ප්‍රකාශ කළ ආකාරය අනුව සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇතිබව කියමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව මේ මස 06 වැනි දින චමුදිත සමරවික්‍රමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.