31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරිඳු උඩුවරගෙදර අද CIDයට

තරිඳු උඩුවරගෙදර අද CIDයට

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

පසුගිය මැයි 29 වැනිදා මරදාන සමාජ හා සාමාජික කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී කළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි ඔහු මෙලෙස CID ය හමුවට කැඳවා ඇත්තේ.

ඒ අනුව අද (04) උදෑසන 10.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන්නැයි ඔහුට දැනුම් දී ඇති අතර මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෑත මාස කිහිපය තුළ ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ තෙවැනි වතාවට බවයි.