― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෙල්ෆි ගන්න ගිහින් ඔයට වැටුණු ෆාතිමාගේ සිරුර හමුවෙයි

සෙල්ෆි ගන්න ගිහින් ඔයට වැටුණු ෆාතිමාගේ සිරුර හමුවෙයි

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් පය ලිස්සා අත්තනගලු ඔයට වැටී අතුරුදන් වූ තරුණියගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

පෙරේදා (02) පස්වරුවේ සිට ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුම්වලදී, තරුණියගේ මළ සිරුර අද (04) පෙරවරුවේ සොයාගැනීමට හැකි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තරුණිය ඔයට වැටුණු ස්ථානයෙන් මීටර් 500ක් පමණ දුරකින් තිබී ඇයගේ සිරුර මෙලෙස සොයාගැනීමට හැකිව තිබෙනවා.

අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපාන්කය පිහිටි ස්ථානය අසලදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මෙම තරුණිය පය ලිස්සා ගොස් ඔයට වැටී අතුරුදන් වුණේ පසුගිය 02 වැනිදා පස්වරුවේයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණේ කෙසෙල් වත්ත, ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචි ෆාතිමා ෆස්ලා නැමති 21 හැවිරිදි තරුණියක්.