31.7 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රංශ කිරි කම්හලක් දැන් වාරියපොලටත්

ප්‍රංශ කිරි කම්හලක් දැන් වාරියපොලටත්

ප්‍රංශ රජයේ සහන ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදි කෙරෙන කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්ත ශාලා හයෙන් එකක් වාරියපොළ මින්හෙට්ටියේ දී අද (04) විවෘත කර තිබේ.

දෛනිකව කිරි ලීටර් 40,000ක් මෙම කුඩා කිරි සැකසුම් කර්මාන්තශාලාවේ දියර කිරි ලෙස සැකසෙන අතර දෛනිකව අවශ්‍ය කිරි ගොවීන් 4200ක් මෙම කර්මාන්තශාලාවට සපයනු ලබයි.

කිරි ලීටරයක් රුපියල් 140ක් බැගින් මෙම කර්මාන්තශාලාව විසින් මිලදී ගනු ලබන අතර මෙමගින් ගොවි ජනතාවට ප්‍රතිලාභ වශයෙන් හිමිවන මුදල දෛනිකව රුපියල් මිලියන 4.2කි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශය විසින් මෙම කුඩා පරිමාණ කිරි සැකසුම් කර්මාන්තශාලා 06 ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම කර්මාන්තශාලාව සඳහා වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 800කි.