27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (05) සිට ලබන 07 වැනිදා දක්වා රැස්වීමට නියමිතවය.

ඒ අනුව හෙට දිනයේදී අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

06 වැනිදා දූෂණ විරෝධි පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ හා ආරක්ෂාකිරීමේ පනත් කෙටුම්පත විවාදය හා 07 වැනිදා ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ උදර්පණ පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.