30 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeArtරූගත කිරීම් අතරතුර ශාරුක්ට අනතුරක්

රූගත කිරීම් අතරතුර ශාරුක්ට අනතුරක්

රූගත කිරීමක් අතරතුරදී සිදු වූ අනතුරක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට සුළු ශල්‍යකර්මයක් සිදුකර ඇති බව වාර්තා වනවා.

ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර දර්ශන තලයක සිදුකළ රූගත කිරීමක් අතරතුර ශාරුක් මෙලෙස අනතුරකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුරට ලක්වීමෙන් පසු ශාරුක් ඛාන්ගේ නාසයෙන් ලේ ගැලීමක් සිදුව ඇති අතර වහාම ඔහුව රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ලොස්ඇන්ජලීස් නුවර රෝහලකට ඇතුළත් කර ඇති ශාරුක්ට එහිදී නාසයට සුළු ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ශල්‍යකර්මයෙන් පසු ශාරුක් ඛාන් විවේක ගැනීම සඳහා නැවතත් ඉන්දියාවට පැමිණ ඇති බව තොරතුරු වාර්තා වනවා.