30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAir China මෙරට ගුවන් ගමන් අරඹයි

Air China මෙරට ගුවන් ගමන් අරඹයි

චීනයේ ජාතික ගුවන් සේවය වන ‘එයාර් චයිනා’ ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ යළි ගුවන් ගමන් ආරම්භ කරමින් පළමු ගුවන් යානය ඊයේ (03) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතයත් සමඟ එම ගුවන් සේවය මෙරට හා පැවති ගුවන් ගමන් තාවකාලිකව නතර කර තිබුණා. ඒ අනුව යළි එම ගුවන් ගමන් අරඹමින් ඒ 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ඊයේ ඒ සඳහා යොදවා තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

චීනයේ ෂිචුවාන් ප්‍රාන්තයේ චෙන්ඩු නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට එයාර් චයිනා ගුවන් සේවයේ සී.සී.ඒ.- 425 දරණ ගුවන් යානය මෙරටට පැමිණ තිබුණා. මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 142 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 09 දෙනෙකු මෙරටට පැමිණියා.

මේ අනුව ඉදිරියේදී චීනයේ ජාතික ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම සදුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල චීනයේ චෙන්ඩු නුවර සිට රාත්‍රී 08.55ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එම ගුවන් යානා එදිනම රාත්‍රී 10.15 ට කටුනායක සිට චීනයේ චෙන්ඩු බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන්තොටුපොළ වාර්තා සඳහන් කළේ.