27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටේ දැමූ කාසිය සිර වී බිළිඳියක් ජීවිතක්ෂයට

කටේ දැමූ කාසිය සිර වී බිළිඳියක් ජීවිතක්ෂයට

මාස දෙකක් වයසැති බිළිඳියකගේ උගුරේ කාසියක් සිර වී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් පසුගිය දෙවනදා දොම්පේ, අහුගම්මන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසේ සෙල්ලම් කරමින් සිටි දී බිළිඳියගේ, අවුරුදු දෙකක් වයසැති සහෝදරයා විසින් ඇයගේ මුඛයට ඇතුළු කළ කාසියක් මෙලෙස උගුරේ සිරව තිබෙනවා.

කාසිය උගුරේ සිර වූ බිළිඳියක දොම්පේ රෝහලට රැගෙන ගිය ද ඒ වනවිටත් ඇය මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විසින් බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර ස්වසන මාර්ගය අවහිර වීම නිසා මෙම මරණය සිදුවී ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.