29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot NewsLPL තරගාවලියට එන බාබර්ගෙන් දැඩි කොන්දේසියක්

LPL තරගාවලියට එන බාබර්ගෙන් දැඩි කොන්දේසියක්

මෙවර එල්.පී.එල්. තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව සිටින පාකිස්ථාන ක්‍රීඩක බාබර් අසාම් සූදු ඔට්ටු ප්‍රචාරණයට සහායවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අනුව ඔහු තම ජර්සියේ එම සමාගම්වල ලාංඡනය ප්‍රදර්ශනය කිරීම ද ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා කරන්නේ.

බාබර් මෙවර තරගාවලිය වෙනුවෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටිනවා.

ඔහුගේ මෙම කොන්දේසිය කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමඟ ඇති කරගෙන තිබෙන කොන්ත්‍රාත්තුවට පවා ඇතුළත් කර ඇති බවත්, එම තීරණයට ගරුකරමින් ඔහුගේ ජර්සියෙන් එම සමාගම්වල ලාංඡනය ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

විවිධ T20 ලීගවලදී, ඔට්ටු ඇල්ලීමේ සමාගම් කිහිපයක් ඔවුන්ගේ නම්වල සුළු වෙනස්කම් සිදුකර අනුග්‍රාහකයන් බවට පත්ව ඇති ආකාරය මේ වනවිට සුලබව දැකගත හැකි වනවා.