30 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකැටගොඩගේ යෝජනාවෙන් මැතිසබය උණුසුම් වෙයි

කැටගොඩගේ යෝජනාවෙන් මැතිසබය උණුසුම් වෙයි

විසුරුවා හැර ඇති සියලුම පළාත් පාලන ආයතන විෂයය භාර අමාත්‍යවරයා, නියම කරන කාලසීමාවක් සඳහා නැවත කැඳවීමට බලය දෙන පනත් කෙටුම්පත් තුනක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

කෙටුම්පත් 3 ඉදිරිපත් කළේ, පොදුජන පෙරමුණේ මන්ත්‍රී, ජයන්ත කැටගොඩ මහතායි.

මහනගර සභා අඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතේ වගන්ති සංශෝධනය කර අමාත්‍යවරයා තීරණය කරන කාල සීමාවකට පළාත් පාලන ආයතන නැවත කැඳවීමට බලය ලබාදීමට මෙම කෙටුම්පත්වලින් යෝජනා කර තිබේ.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ස්ථිර කළේ ය.

විපක්ෂයෙන් ඊට එල්ලවුණේ දැඩි විරෝධයකි.