26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජුනි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට වනිඳු හසරංගත්

ජුනි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට වනිඳු හසරංගත්

පසුගිය ජුනි මාසයේ ICC දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නාම ලේඛනයට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ද ඇතුළත්ව සිටී.

ඒ, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි.

ඔහුට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේහි ශෝන් විලියම්ස් ද ජූනි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව සිටිති.

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ඡන්ද විමසීමකින් අනතුරුව පසුගිය ජුනි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැනීමට නියමිතයි.