― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldනෙදර්ලන්තයේ පන්ති කාමරවල ජංගම දුරකථන තහනම්

නෙදර්ලන්තයේ පන්ති කාමරවල ජංගම දුරකථන තහනම්

නෙදර්ලන්තයේ පන්තිකාමර තුළ ජංගම දුරකථන, ස්මාර්ට් ඔරලෝසු වැනි ඩිජිටල් උපාංග භාවිතය තහනම් කරන බව රජය නිවේදනය කර ඇත.

නෙදර්ලන්ත අධ්‍යාපන අමාත්‍ය Robert Dijkgraaf මේ බව පැවසීය.

2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නිවේදනය නිකුත් කර ඇති බව ඔහු සඳහන් කළේය.

සිසුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මීට අමතරව වෛද්‍ය හේතූන් සහ විශේෂ අවශ්‍යතා ඇති අයට පමණක් ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් උපාංග භාවිත කිරීමට අවසර දෙන බව නෙදර්ලන්ත අධ්‍යාපන අමාත්‍ය Robert Dijkgraaf නිවේදනය කර ඇත.