― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපිපෙන්නටත් පෙර මල් කැකුළු තුනක් මවත් සමඟම අවසන් ගමන් යයි

පිපෙන්නටත් පෙර මල් කැකුළු තුනක් මවත් සමඟම අවසන් ගමන් යයි

තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටි ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මවත් දරු තිදෙනාත් සමඟ මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන ගෝනවල පමුණුවිල විද්‍යාලයේ සමාජ විද්‍යාව විෂයයන් ඉගැන්වූ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි කාන්තාවකි.

ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ සැමියා පවසන්නේ විවාහ වී දරුවන් නොමැතිව අවුරුදු අටකට පසුව ඇය ගැබිණියක් වී දරු සුරතල් බැලීමේ ආසාවෙන් සිටි බවයි.

මියගිය තරුණියගේ සැමියා එම සිද්ධිය පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.

දරුවා පිළිසිඳ ගත් දා සිට නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ඉකුත් 28 වැනිදා රාගම රෝහලට ඇතුළත් කළා. ඒ වනවිට කුසට සති විසි තුනක් වනවා. 29 වැනිදා රාත්‍රියේ ඇයට අමාරු වුනා. 30 වෙනිදා උදේ දැඩි සත්කාර ඒකකයට දැම්මා. 02 වැනිදා හවස් වන විට බිරිඳත් දරු තිදෙනාත් මියගොස් බව දැනුම් දුන්නා. රෝහලේ නොසැලකිල්ල නිසා මෙය සිදුවුණා. ඒ පිළිබඳව මම ඉදිරියේදී පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක රණවීර සඳහන් කළේ මීට හාත්පසින්ම පරස්පර කතාවක්.

නූපන් දරුවන් සහ මව මියගියේ රෝහලේ වරදින් නෙවෙයි. මෙම මව දරුවන් නොමැතිව වසර ගණනාවක් සිට පසුව පෞද්ගලික රෝහලකින් නළ දරු උපතක් සඳහා ගර්භාෂයේ ඩිම්බ තැන්පත් කිරීමක් සිදු කර ගෙන තිබෙනවා. මේවා රජයේ රෝහල්වල සිදුකරන්නේ නැහැ.

ලක්ෂ ගණන් වියදම් කර පෞද්ගලික රෝහල්වලින් මේ දේවල් කරගන්නවා. එම වෛද්‍යවරුන් ඩිම්බ කිහිපයක් තැන්පත් කිරීම කරනවා. එසේ කරන්නේ එක ඩිම්බයක් වත් හරි යාවි යන බලාපොරොත්තුවෙන් . නමුත් මේ මවට ඩිම්බ තුනම සංසේචනය වී කළල තුනක් වැදිලා තිබෙනවා. කෙසේ හෝ සති විස්සක් පමණ වන විට අසාධ්‍ය වී රාගම රෝහලට ඇතුල් වෙලා තියෙනවා. රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි වෙහෙසක් ගත්තා මෙම මවත් දරු දෙදෙනාත් බේරා ගන්න.

මවගේ සහ දරු තිදෙනාගේ අවසන් කටයුතු ඊයේ (04) පස්වරුවේ සිදු කෙරිණි.