23 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුතුරාජා තායිලන්ත රජුගේ භාරයට

මුතුරාජා තායිලන්ත රජුගේ භාරයට

මෙරටදී රෝගාතුරවී නැවත තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා හස්තියා තායි රජුගේ භාරයට ගෙන තිබේ.

පසුගිය 02 වැනිදායි මුතුරාජා හස්තියා තායිලන්තය වෙත රැගෙන යනු ලැබුවේ.
සක් සුරින් ලෙස තායිලන්තය විසින් හඳුන්වන ලබන මුතුරාජා හස්තියා මේ වනවිට ලම්පන් හී අලි සංරක්ෂණාගාරයක රඳවා ප්‍රතිකාර කරනු ලබයි.

තායිලන්ත රජු වන මහා වජිරලොන්කොන් තීරණය කර ඇත්තේ මුතුරාජා හස්තියාට සිය භාරකාරීත්වය යටතේ රැකවරණය ලබාදීමටයි.

මුතුරාජා හස්තියාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් එරට පරිසර අමාත්‍ය වරවුට් සිල්පා ආචා සඳහන් කළේ මුතුරාජාගේ දකුණු ඇසෙහි සුද මතුවී ඇති බවත් ඉදිරිපස වම් කකුල නැවීමට නොහැකි අතර පිටකොන්දේ ආසාදනයට ලක්වී තුවාල ඇති බවත්ය.

එමෙන්ම කකුල් හතරේම යටි පතුල්වල සහ නියපොතුවල ආබාධ පවතින බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.