28.9 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසෝමාවතිය වඳින්න ගිය හිමිනම වන අලි ප්‍රහාරයකින් අපවත් වෙයි

සෝමාවතිය වඳින්න ගිය හිමිනම වන අලි ප්‍රහාරයකින් අපවත් වෙයි

සෝමාවතිය විහාරය වැඳපුදා ගැනිමට ගොස් ආපසු පා ගමනින් පැමිණෙමින් සිටි හිමිනමක් වන අලි ප්‍රහාරයට ලක්ව අද (05) අලුයම අපවත් වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (05) අලුයම 04.45ට පමණ සෝමාවතිය, සුංගාවිල මාර්ගයේ සුංගාවිල වනජීවී කාර්යාලය අසල දී මෙම හිමිනම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

වනවාසී ගිරිතලේ ශ්‍රී මෛත්‍රී නමැති වයස අවුරුදු 40ක ස්වාමීන් වහන්සේ නමක් අලි ප්‍රහාරයට ලක්ව මෙලෙස අපවත් වී ඇති බව සඳහන්.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිටින වන අලියෙකු මෙම පහරවීම සිදුකර ඇති අතර, පුලස්තිපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.