28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගමින් ගමට කිරි බෙදා හැරීමේ වැඩසටහනක්

ගමින් ගමට කිරි බෙදා හැරීමේ වැඩසටහනක්

පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ කුඩා කර්මාන්ත ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන (SAPP) එක්ව ‘චූන් පාන්’ බෙදා හැරීම වැනි ගමින් ගමට කිරි බෙදා හැරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.

මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.

කිරි ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා රජයේ ලාංඡනය සහිත ත්‍රිරෝද රථ මගින් සහන මිලට දිනපතා උදෑසන ජනතාවට දියර කිරි බෙදා හැරීමට සැලසුම් කර ඇති බව සත්ව පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

කිරි ගොවීන්ට රජයේ බැංකු හරහා සහන පොලී අනුපාත යටතේ ණය ලබාදීමට ද රජය කටයුතු යොදා ඇත.

ජනතාවට බෙදා හරින කිරි පළාත් සත්ත්ව පාලන දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂාවට ලක් කරන බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දී ඇත.