25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅක්ෂි ශල්‍යකර්මයකදී දෙදරු මවක් මියයෑම ගැන සෙවීමට කමිටුවක්

අක්ෂි ශල්‍යකර්මයකදී දෙදරු මවක් මියයෑම ගැන සෙවීමට කමිටුවක්

අක්ෂි ශල්‍යකර්මයකදී කාන්තාවක් මියයාම පිළිබඳ වැඩිදුර විමර්ශනය සඳහා කමිටුවක් පත්කර ඇතැයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා පවසයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව එම කමිටුව පත් කළ බවයි ඔහු පැවසුවේ.

ජාතික අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍යකර්මයකදී එලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ, බොරලුකැටිය පදිංචි 34 හැවිරිදි හිමාලි වීරසිංහ නම් දෙදරු මවකි.

ඇය මීට සති 2කට ඉහතදී කොළඹ අක්ෂි රෝහලේදී අක්ෂි කාචයක් දැමිමේ ශල්‍යකර්මයකට මුහුණ දී තිබුණි.

පසුගියදා ඇය රෝහලේ සායනයට ගිය අවස්ථාවේ කාචය නිසි ලෙස බද්ධවී නොමැති බැවින් නැවතත් ශල්‍යකර්මයක් කඩිනමින් සිදු කළ යුතු වෛද්‍යවරුන් පවසා ඇති බවයි ඇයගේ ඥාතීන් පැවසුවේ.එම ශල්‍යකර්මය සිදුකරන අතරතුර කාන්තාව මියගොස් ඇතැයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ ය.