25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමිහිදන් වීමට කෝටි ගණනක මුදලක් ගෙවිය යුතු නගරය

මිහිදන් වීමට කෝටි ගණනක මුදලක් ගෙවිය යුතු නගරය

ලොව මිල අධිකම දේපල වෙළඳපොළ තිබෙන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මියගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොංකොං නගරයේ පවුලේ සාමාජිකයන් 8දෙනකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 430000 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 130 ක් ) පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

මියගිය තැනැත්තෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා සපත්තු පෙට්ටියක ප්‍රමාණයක ඉඩක් මිලදී ගැනීමටඇමෙරිකානු ඩොලර් 53000 ක මුදලක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයක් පමණ)වැය කිරීමට මියගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයන්ට සිදුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

දෙදෙනෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ හැකි ඉඩ ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් 76000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් පමණ)ක් පමණ වන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.