― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරුපියල 19%කින් ඉහළ යෑම සුබ ලකුණක්

රුපියල 19%කින් ඉහළ යෑම සුබ ලකුණක්

මේ වසරේ ගෙවුණු සත් මස තුළ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 19%කින් අතිප්‍රමාණය වී තිබීම යහපත් තත්ත්වයක් බව ග්ලෝබල් ප්‍රමෝෂන් ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. මෙලෙස ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම නිසා විදේශ විනිමය වෙළෙඳපොළ තුළින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බංකුවට අවශෝෂණය කරගැනීමට සමත්ව ඇතැයිද එම ආයතනය කියයි.

අත්‍යවශ්‍ය ආනයන නොවන දේ සීමා කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ තීන්දුව නුදුරේදී සංශෝධනය කළද ඉන් විදේශ විනිමය පහළ යෑමක් සිදු නොවන තැනට ශ්‍රී ලංකාව පත් වෙමින් තිබෙන බව දක්නට ලැබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ, සංචාරක ඉපයීම් යනාදිය ඉහළ යෑම නිසා නුදුරේදී ආනයන ලිහිල් කිරීමෙන් විදේශ විනිමය ප්‍රමාණයට එල්ල වන පීඩාව සමනය වනු ඇතැයි එම ආයතනයේ අදහස වී තිබේ.