27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsව්‍යාජ ඩොලර් රුපියල් කරන්න ගිය කතට බැංකුවේ දී අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් රුපියල් කරන්න ගිය කතට බැංකුවේ දී අත්අඩංගුවට

ව්‍යාජ ඩොලර් නෝට්ටු කිහිපයක් බැංකුවකින් මාරු කිරීමට උත්සාහ කළ කාන්තාවක් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් ඩොලර් 100 ව්‍යාජ නෝට්ටු 06ක් මෙලෙස මාරු කිරීමට යාමේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව ලබාදුන් ඩොලර් නෝට්ටු ව්‍යාජ ඒවා බවට බැංකු සේවකයින් තහවුරු කර ගැනීමත් සමඟ ඒ පිළිබඳව පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.

අනතුරුව පොලීසිය පැමිණ ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත් කාන්තාව කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බව සඳහන්.

ඇය විදෙස් ගතව සිට පසුගිය දෙවනදා ලංකාවට පැමිණ ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සැකකාර කාන්තාවට ව්‍යාජ ඩොලර් නෝට්ටු ලැබුණ ආකාරය පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ඊයේ (07) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.