32.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම හෙටින් අවසන්

අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම හෙටින් අවසන්

අස්වැසුම සමාජ සුබ සාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සඳහා ලබා දී ඇති කාලය හෙටින් (10) අවසන් වීමට නියමිත වේ.

මේ වන විට ඊට අදාළව අභියාචනා අට ලක්ෂ තිස්පන්දහසක් සහ විරෝධතා එකොළොස්දහසකට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයිමුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

හෙට පස්වරුවට පෙර සිය අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කරන්නැයි, අමාත්‍යවරයා දැනුම් දෙයි.

ඉදිරි වසර සඳහා නව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම වෙනුවෙන් ලබන මාසයේදී යළි අයදුම්පත් කැඳවීමක් සිදු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.