― political ―

රනිල් – බැසිල් තවත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (09) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම හමුවේදී සාකච්ඡා කළ...
HomeHot Newsරජයේ ආදායම් වර්ධනය කර ගැනීමට තවත් බදු කිහිපයක් ළඟදීම

රජයේ ආදායම් වර්ධනය කර ගැනීමට තවත් බදු කිහිපයක් ළඟදීම

රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා තවත් බදු කිහිපයක් ළඟදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ධන බද්ද, ඉඩම් බද්ද හා බූදල් බද්ද මෙලෙස මුලින්ම හඳුන්වා දීමට යෝජිත බදු බව සඳහන්.

ඒ අතර මෙතෙක් වැට් බදු නිදහස ලබා දී තිබූ ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා ද වැට් බද්ද පනවනු ඇති බවටයි වාර්තා වන්නේ.

වියදම් අඩු කර ආදායම් අතිරික්තයක් ඇතිකරගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට ලබාදුන් උපදෙස් මත මෙම නව බදු පැනවෙනු ඇතැයි වාර්තා වනවා.