26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගුවන් ප්‍ර+හාරයකින් සුඩානයේ වැසියන් 22ක් ජීවිතක්ෂයට

ගුවන් ප්‍ර+හාරයකින් සුඩානයේ වැසියන් 22ක් ජීවිතක්ෂයට

සුඩාන හමුදා සහ අතුරු හමුදා අතර ගැටුම් අතරතුරදී එල්ල වූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් සුඩාන වැසියන් 22 මියගොස් ඇති බව, සුඩාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගුවන් ප්‍රහාරය එල්ල කළේ කුමන පාර්ශවයක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් එම ප්‍රහාරයට සුඩාන හමුදාව වගකිවයුතු බවත්, ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 31 දෙනෙකු මියගිය බවත් සුඩාන අතුරු හමුදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අතුරු හමුදාව පවසන්නේ, ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගයක් අවහිර කිරීමේ අරමුණින් සුඩාන හමුදාව ප්‍රහාරය එල්ල කළ බවයි.

සුඩාන හමුදා ප්‍රධානී, මෙම චෝදනාවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

හමුදා පාලනයකට යටත්ව ඇති සුඩානය, ක්‍රමයෙන් සිවිල් රජයකට පරිවර්ථනය කිරීමට, සුඩාන හමුදාව ගත් තීරණයට එරෙහිව, සුඩාන අතුරු හමුදා මෙම ගැටුම් ආරම්භ කළේ, පසුගිය මස අප්‍රේල් 15 වැනිදායි.

ගැටුම් හේතුවෙන් සුඩාන වැසියන් මිලියන 3ක් පමණ අවතැන් වී ඇති අතර ලක්ෂ 7ක පමණ පිරිසක් අසල්වැසි රටවලට පලා ගොස් තිබේ.

සුඩාන වැසියන් 1,200ක් පමණ ගැටුම් මධ්‍යයේ මියගොස් ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වේ.