27.2 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅජිත් රෝහණගේ පෙත්සමට දින දෙයි

අජිත් රෝහණගේ පෙත්සමට දින දෙයි

තම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළා.

ඒ අනුව අදාළ පෙත්සම ලබන 17 වනදා විභාගයට ගැනීමටයි නියමිතයි. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයකට අනුව 2023 අප්‍රේල් 25 වනදා අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත්දෙනකු සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබා දුන්නා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා සිටියේ, අදාළ නියෝගය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් හෝ ඔවුන්ගේ අනුමැතිය ඇතිව නිකුත් කළ එකක් නොවන බවයි.

ඒ අනුව එය නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී බවත් තමන් එම ස්ථාන මාරු නියෝගයට අවනත නොවන බව ඔහු දැනුම් දී තිබුණා.