28.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅස්වැසුමට අභියාචනා බාරගැනීම අදින් අවසන්

අස්වැසුමට අභියාචනා බාරගැනීම අදින් අවසන්

අස්වැසුම වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන් වෙයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ එම වැඩසටහනට අදාළව අභියාචනා ලක්ෂ 9ක් සහ විරෝධතා 12,000ක් ලැබී ඇති බවයි.

ඇතැම් පාර්ශවයන්ගේ නම් ඊට ඇතුළත් කර නොමැති බව පවසමින් පසුගිය දින කිහිපය පුරාම අස්වැසුම සුබසාධන වැඩසටහනට විරෝධය පළ කරමින් දිවයින පුරා විරෝධතා පැවැත්වුණු අතර ඒ අනුව අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අද (10) දිනය දක්වා කල් ලබාදීමට රජය පියවර ගත්තේය.

ලැබුණු අභියාචනා පරික්ෂා කිරීම සඳහා අධීක්ෂණ කමිටුවක් ද පත් කර තිබේ.