27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙදින නිල සංචාරයකට ජනපති ඉන්දියාවට

දෙදින නිල සංචාරයකට ජනපති ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ජුලි 21 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළදී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඉන්දියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන අය එක්වීමට නියමිතය.