29 C
Colombo
Tuesday, September 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාප්වහන්සේ නව කාදිනල්වරු 21ක් පත්කරයි

පාප්වහන්සේ නව කාදිනල්වරු 21ක් පත්කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නව කාදිනල්වරු 21 දෙනෙකු තෝරාපත් කර ගන්නා බවට නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දේව මෙහෙයක් අතරතුර නව කාදිනල්වරු පත්කිරීම සම්බන්ධයෙන් පාප් වහන්සේ ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.

සිය දේවස්ථානයේ සාමාජිකයන් 21 දෙනෙකු ඉහළ කාදිනල් නිලයට ඔසවා තබන බවයි උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ස්ථිර වශයෙන් නව කාදිනල්වරු එම තනතුරුට පත්කිරීමේ උත්සවය ලබන සැප්තැම්බර් මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ඔවුන් අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාපත්කර ගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇත.