29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsත්‍රිරෝද රථ රියදුරන් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථ රියදුරන් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

කුලි ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරන් රැගෙනවිත් තියුණු ආයුධ පෙන්වා මරණීය තර්ජනය කර පහර දී ඔවුන් සතු දේපළ සහ ත්‍රිරෝද රථ කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී කඩුවක්, මන්නයක් සහ උල් පිහියක් පොලිස් භාරයට ගෙන ඇති අතර මීට දින කීපයකට ඉහතදී පානදුර නගරයේ සිට කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩ වූ පුද්ගලයන් සිවුදෙනෙකු අලුබෝමුල්ල පමුණුගම තොටුපොළ අසළ කැලෑබද ප්‍රදේශයට රැගෙනවිත් තියුණු ආයුධ පෙන්වා, මරණීය තර්ජනය කර බිය ගන්වා පහර දී ඔවුන් සතු ජංගම දුරකථන මුදල් පසුම්බි මෙන්ම ත්‍රිරෝද රථ දෙකක් කොල්ලකෑම සම්බන්ධයෙන් පැය දෙකක් පමණ කාලයක් තුළදී ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර, වෑකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි. එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ල කන ලද ත්‍රිරෝද රථ දෙක හා තියුණු ආයුධ එක් සැකකරුවකුගේ නිවස පිටුපස සඟවා තිබියදී සොයා ගෙන ඇත.

සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව අනාවරණය වී ඇති අතර සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අලුබෝමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.