― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදරුවන් අතර සරම්ප රෝගයේ වර්ධනයක්

දරුවන් අතර සරම්ප රෝගයේ වර්ධනයක්

මේ දිනවල දරුවන් අතර සරම්ප රෝගී තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ඊයේ (10) වනවිට දරුවන් 12කට එම රෝගී තත්ත්වය වාර්තා වූ බවත් මෙහි රෝග ලක්ෂණ ලෙස උණ හා රතුලප ඇති වීම විශේෂයෙන් හඳුනාගත හැකි බවත්ය.

මේක හැදුනෙම පොඩිකාලේ ප්‍රතිශක්තිකරණය ගත්තේ නැති අයට. ඒ නිසා මේ රෝගයට ප්‍රතිශක්තිකරණයක් විදියට MMR එන්නත මාස 9 යේදී හා අවුරුදු 3 දී නොමිලේ ලබාදෙනවා. ඒක ලබාගන්න හැමෝම කටයුතු කරනවා නම් මේක හැදෙන්නේ නෑ. ඒත් කලාතුරකින් ප්‍රතිශක්තිකරණ එන්නත ගත්ත අයටත් හැදෙන්න පුළුවන්. මේ වෙලාවේ එහෙම ගත්තේ නැති අයට රෝගය ව්‍යාප්ත වෙනවා. මේකේ අතුරු ආබාධ විදියට සමහර වෙලාවට පාචන තත්ත්වයන්, මන්ද පෝෂණ තත්ත්වයන්, දීර්ඝ කාලීනව කාලයක් ගිහින් මොළයට බලපෑම් වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන්ට සරම්ප වෙනුවෙන් ලබාදෙන MMR එන්නත ලබාගන්නා ලෙස ඉල්ලනවා.